LPL; ගෝල් ග්ලැඩියේටර්ස්ට ලකුණු 20ක ජයක්...

දෙසැ 18, 2021

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.

    ඊයේ පැවති තරග ජයග්‍රහණය කළේ, කලම්බො ස්ටාර්ස් සහ ගෝල් ගැලැඩියේටර් යන කණ්ඩායම්. ඊයේ පළමු තරගය පැවැත්වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කළා. බානුක රාජපක්‍ෂ ලකුණු 23යි.

    පන්දු යැවීමේදී වහබ් රියාස්, ප්‍රවීන් ජයවික්‍රම සහ විජයකාන්තන් වියස්කාන්තා කඩුලු 2 බැගින් දවා ගත්තා. පිළිතුරු ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 109ක් පමණයි. තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 20ක ජයක් වාර්තා කළා.

    Latest News