LPL; කළම්බෝ ස්ටාර්ස්ට ලකුණු 58ක ජයක්....

දෙසැ 18, 2021

    කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ තරග වැඳුණේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමඟයි.

    පළමුවෙන් පන්දුවට පහරදුන් කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළා. කුසල් පෙරේරා ලකුණු 58යි. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 44ක් ලබාගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 40යි. පිළිතුරු ලෙස කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 124ක් පමණයි. රවී බොපාර ලකුණු 47යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 6ක් බිඳ හෙලුවා. තරගයෙන් කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 58කින්.

    Latest News