ජයග්‍රාහී බරඉසිලීමේ කණ්ඩායම දිවයිනට...

දෙසැ 19, 2021

    පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, අද (19) අලුයම දිවයිනට පැමිණියා.

    ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ මෙන්ම, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ නිලධාරින් ද එක්ව සිටියා. තරගාවලිය පැවැත්වුණේ, උස්බෙකිස්තානයේදී. ලබන වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා බර ඉසිලීමේ ක්‍රීඩකයින්ට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවති අවසන් තරගාවලිය ද මෙයයි.

    මෙහිදී, ශ්‍රී කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වුණා. ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම දිනාගත් අතර, රදී පදක්කම දිනා ගත්තේ තිමාලි හමුතැන්නයි. චින්තන ගීතාල් විදානගේ, ඉන්දික දිසානායක, මනෝජ් මධුවන්ත, තිවංක පලගසිංහ සහ නදීෂානී රත්නායක ලෝකඩ පදක්කම් හිමකරගත්තා.

    Latest News