LPL; ගාල්ල අවසන් මහ තරගයට...

දෙසැ 20, 2021

    ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.

    ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ පසුගිය වසරේ ශූරයන් වූ යාපනය කණ්ඩායමයි. තරගය ඊයේ පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර අවසානයේ කඩුලු 5කට ලකුණු 188ක් රැස් කළා. ප්‍රථම කඩුල්ලට හොඳම සබඳතාව ගොඩනැගීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත්වුණා. ඔවුන් ලකුණු 121ක සබඳතාවක් ගොඩනැඟුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 85යි, ධනුෂ්ක ගුණතිලක 55යි. පන්දු යැවීමේ දී වහාබ් රියාස් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තා.

    ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය යාපනය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ, ලකුණු 124ක් පමණයි. යාපනය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා රහමනුල්ලා ගර්බාස්. ඔහු ලකුණු 59යි. පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 5ක් දවාගත්තා.

    Latest News