LPL; කොළඹ පරදා දඹුල්ලට ජය....

දෙසැ 20, 2021

    ලංකා ප්‍රීමියලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා දඹුල්ල කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබුවා.

    ඔවුන් හමුවේ පරාජයට පත්වුයේ, කොළඹ කණ්ඩායමයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6කට ලකුණු 145ක් රැස් කළා. නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 50යි. පැතුම් නිස්සංක ලකුණු 42යි. පන්දු යැවීමේදී නුපන් ප්‍රදීප් සහ ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් දවාගත්තා. ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් අතැතිව ජය හිමිකර ගත්තා. ජනිත් ලියනගේ නොදැවී ලකුණු 56යි. 

    Latest News