චීන මෘදුකාංග සමාගම්වලට එරෙහිව දැඩි පියවර

අගෝ 03, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දිනවලදී චීන මෘදුකාංග සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව, එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසයි.

    චීන මෘදුකාංග සමාගම්වලින් අමෙරිකාවේ ජාතික ආරක්‍ෂාවට එල්ල වී ඇති අවදානම ඊට හේතුවයි. ජනප්‍රිය චීන යෙදවුමක් වන “ටික්ටොක්“ හරහා චීන කමියුනිස්ට් පක්‍ෂයට සෘජුවම දත්ත සැපයෙන බව, රාජ්‍ය ලේකම්වරයා පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා ටික්ටොක් යෙදවුම අමෙරිකාව තුළ තහනම් කිරීමට විධායක නියෝගයකට අත්සන් තබන බවට පසුගියදා ප්‍රකාශ කළේය. අමෙරිකාවේ මිලියන 80කට අධික පිරිසක් මෙම යෙදවුම භාවිත කරන අතර, ඒ හේතුවෙන් රටේ ජාතික ආරක්‍ෂාවට බලපෑමක් එල්ල වී ඇති බව අමෙරිකානු බලධාරින් පවසයි.

    කෙසේ වුවත් අමෙරිකාවේ මෙම චෝදනාව ටික්ටොක් යෙදවුම අයත් බෙයිජිං බයිට්ඩෑන් සමාගම සෘජුවම ප්‍රතික්‍ෂේප කරයි. සමාගම පවසන්නේ අදාල යෙදවුම කිසිසේත් දේශපාලනික මෙවලකම් නොවන අතර, දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ ක්‍රියාත්මක නොවන බවයි. එය, හුදෙක් පුද්ගල විනෝදාස්වාදය සඳහා පමණක් නිපදවා ඇති බව සඳහන්. මීට අමතරව, අමෙරිකානු බුද්ධි තොරතුරු ආරක්‍ෂා කර ගැනීම සඳහා චීනයට සම්බන්ධව පවතින තවත් ජංගම දුරකතන යෙදවුම් රැසක් අමෙරිකාව තුළ තහනම් කිරීම කෙරෙහි ද ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව, විදෙස් වාර්තාවල දැක්වේ.

    Latest News