තලෙබාන්වරුන් පුද්ගලයින් 4ක් ඝාතනය කරයි

සැප් 26, 2021

    ඇෆ්ගනිස්තානයේ තලෙබාන්වරුන් විසින් පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කොට සිරුරු එල්ලා ප්‍රදර්ශනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    තලෙබාන් සංවිධානය විසින් රට තුළ දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවීමෙන් පසුව මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තාවේ. ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරයක් වන හේරට් නගරයේ මෙසේ මළ සිරුරු එල්ලා ප්‍රදර්ශනය කර තිබේ. පැහැර ගැනීම් සහ නීති විරෝධි ක්‍රියාවන් පාලනය කිරීම සඳහා මෙසේ දඬුවම් ක්‍රියාත්මක කළ බව හේරට් නගරයේ ආණ්ඩුකාරවරයා පවසයි.

    තලෙබාන් සංවිධානය විසින් අගෝස්තු මාසයේදී එරට බලය ලබා ගැනීමෙන් අනතුරුව, ඔවුන් විසින් දැඩි පාලනයකට නොයන බවට ප්‍රතිඥා දුන් නමුත්, මේ වනවිටත් රට පුරා මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බව වාර්තාවේ.

    Latest News