ඊයේ වැඩිම ආසාදිතයින් රුසියාවෙන්

නොවැ 15, 2021

    ඊයේ දිනයේද ලොව වැඩිම කොරෝනා දෛනික මරණ වාර්තා වී තිබුණේ රුසියාවෙන්.

    එම සංඛ්‍යාව 124ක්. දැනට රටක් තුළ වැඩිම කොරෝනා මරණ අමෙරිකාව තුළ වාර්තා වී තිබුණ ද මේ වන විට අමෙරිකාව තුළ 1000කට අඩු දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි.

    එමෙන්ම, ආසාදිතයන් වාර්තා වීම අතින්ද, අමෙරිකාව තුළ වාර්තා වන දෛනික ආසාදිතයන් සංඛ්‍යාවට ආසන්න අගයක් රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය වැනි රටවලින් වාර්තා වෙයි.

    ඊයේ දිනයේ ද රුසියාව තුළ 39,000 ඉක්මවූ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තා වූ අතර එම සංඛ්‍යාවත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90 ලක්ෂ 70,000 ඉක්මවා ගොස් තිබේ.

    Last modified on සදුදා, 15 නොවැම්බර් 2021 10:41

    Latest News