චීනයේ ප්‍රමුඛතම සමාජ ජාල යෙදවුමක් වන "දෝයින්" වෙත ශ්‍රී ලංකාවේ ජාතික නිල මණ්ඩපය ඇතුළත් කෙරේ

අගෝ 30, 2022

    චීනයේ ප්‍රමුඛතම සමාජ ජාල යෙදවුමක් වන "දෝයින්" තුළට ශ්‍රී ලංකාවේ ජාතික නිල මණ්ඩපය ඇතුළත් කෙරේ.

    මෙමගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග ප්‍රවර්ධනය මෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන චීන පාරිභෝගිකයන්ට හඳුන්වාදීම සිදුකෙරේ. බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චීන-ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමය එක්ව මෙම මණ්ඩපය ක්‍රියාවට නංවයි.

    මෙය දෙරට අතර බහුවිධ සබඳතාවන්හි සුවිශේෂ අවස්ථාවක් බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසීය.

     

    වාර්තාව;   අරෝෂා සමරදිවාකර චීනයේ බෙයිජිං නුවර සිට...

    Latest News