උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

අගෝ 02, 2019

    උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබේ. පසුගිය දින අටක කාලය තුළ ඔවුන් අත්හදා බැලූ තුන්වන මිසයිලය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    දකුණු කොරියාව සදහන් කර ඇත්තේ අදාළ අත්හදා බැලීම උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව සිදු කර ඇති බවය. මෙය කුමන අන්දමේ අත්හදා බැලීමක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත.
    දකුණු කොරියාව සහ අමෙරිකාව මේ මස පැවැත්වීමට සැලසුම් කර ඇති යුද අභ්‍යාසවලට එකට එක කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය මෙම අත්හදා බැලීම පෙන්වා දී තිබේ.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 12:04

    Latest News