චීනයේ දිළිඳු ගම්මානයන්හී අන්තර්ජාල සබඳතා අනුපාතය 98% ඉක්මවයි

අගෝ 02, 2019

    චීන ගම්මානයන්හී ජීවත් වන ජනතාව මේ වනවිට සියයට 98 කට වඩා අන්තර්ජාලය භාවිත කරන බව වාර්තා වේ.

    චීනයේ Dunhuang හි පැවති විදුලි සංදේශ පුළුල් සේවා සහ අන්තර්ජාලයෙන් දිළිඳුකම තුරන් කිරීම පිළිබඳ සාකච්ඡා සමුළුවේදී චීනයේ කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ඉංජිනේරු Zhang Feng මහතා මේ බව පැවසීය.

    විදුලි සංදේශ පුළුල් සේවාවන් එලදායී ලෙස චීනයේ දුරස්ථ අධ්‍යාපනය, දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර සහ ග්‍රාමීය අන්තර්ජාල වෙළඳාම යනාදී අන්තර්ජාල යෙදුම් තුළ ප්‍රවර්ධනය කර තිබේ.

    නගර හා සමාන මූලික මහජන සේවාවන් භුක්ති විඳීමට චීනයේ විදුලි සංදේශ සේවා ග්‍රාමීය ජනතාවට ඉමහත් සේවාවක් සලසා ඇත.

    මේ වනවිට චීනයේ ග්‍රාමීය සහ නාගරික අන්තර්ජාල වේගය සමාන කිරීමේ අරමුණ මූලික වශයෙන් ඉටුකර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

    Latest News