බුර්කාව නෙදර්ලන්තයේ තහනම් කෙරේ

අගෝ 02, 2019

    නෙදර්ලන්තයේ පොදු ස්ථානවල බුර්කාව සහ නිකාබය පැලඳ සිටීම තහනම් කරමින් ඉකුත් වර්ෂයේ ජුනි මාසයේදී ගෙන ආ නීතිය ඊයේ (01) සිට ක්‍රියාත්මක කර තිබේ.

    යම් අයෙක් අදාළ නීතිය ප්‍රතික්ෂේප කළහොත් අමෙරිකානු ඩොලර් එකසිය හැට පහක දඩ මුදලකට යටත් වීමට සිදු වේ.

    මිලියන 17ක් පමණ වන නෙදර්ලන්ත වැසියන් අතරින් කාන්තාවන් 100 - 400 ත් අතර පිරිසක් බුර්කාව හා නිකාබය පලඳින බවට ඇස්තමේන්තු ගත කර තිබේ.

    Latest News