මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුම අවලංගු වෙයි

අගෝ 03, 2019

    අමෙරිකාව ප්‍රකාශ කළ ‘මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුමෙන්’ ඉවත්වීමේ කාලසීමාව පැමිණීමත් සමගම ගෝලීය සුරක්ෂිතතාවට ඉමහත් වැදගත් වන එම ගිවිසුම නිල වශයෙන් අවලංගු විය.

    මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුම යනු මැදි දුර හා මැදි - කෙටි දුර මිසයිල තුරන් කිරීම පිළිබඳ සෝවියට් සමූහාණ්ඩුවේ සහ අමෙරිකා ගිවිසුමය.

    වසර 1987 අත්සන් කෙරුණු එම ගිවිසුම සීත යුධ කාලය තුළදී අත්සන් කළ සාර්ථකම නිරායුධකරණ ගිවිසුමකි. 

    අමෙරිකා - සෝවියට් සමූහාණ්ඩු හා අමෙරිකා - රුසියානු උපක්‍රමීය සමබරතාව සම්බන්ධීකරණයට ද එදිරිවාදිකම් අවම කරමින් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමට ද එය ඉමහත් සක්‍රීය කාර්යයක් ඉටු කර ඇත.

    අමෙරිකාව මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් ඉවත්වීමෙන් ගෝලීය ආරක්ෂක අවදානම ඉහළ නැංවෙන බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දේ.

     

    Latest News