සුපිරි සාප්පු සංකිර්ණය "ලේ විලක්" කරයි: වෙඩි තැබිමෙන් 20ක් මරුට (ඡායාරූප)

අගෝ 04, 2019

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සන්නද්ධ තුවක්කුකරු AK-47 වර්ගයේ ගිනි අවියකින් පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි ඇත. ඉන් පසු සංප්පු සංකීර්ණයේ ඇතුලත සිටි සියයකට අධික පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    මෙම තුවක්කුකරු කිසිදු ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් පවසති.

    සිද්ධිය සැලවිමත් සමග එල් පාසෝ පොලිසිය සහ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන ඒකකයේ (FBI) නිලධාරින් තුවක්කුකරු රැදි සිටි සාප්පු සංකිර්ණය වට කොට එහි තුවාල ලබා සිටි පුද්ගලයින් වහා රෝහල් ගත කිරිමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටිද යන්න සොයා බැලිමට සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව එල් පාසෝ පොලිසිය සදහන් තිබේ.

    එය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් ද අමෙරිකානු බලධාරින් විමර්ශන ආරම්භ කර ඇත.

    taxasshoot3 900 19 08 04

    taxasshoot2 900 19 08 04

    Latest News