අමෙරිකාවට තවත් වෙඩි ප්‍රහාරයක්; 9ක් මරුට

අගෝ 04, 2019

    අමෙරිකාවේ ඔහැඔ ප්‍රාන්තයේ ඩෙයිටෝන් ප්‍රදේශයක සිදුවූ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

    වෙඩි ප්‍රහාරය අද අලුයම 1.20ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහැඔ ප්‍රාන්තයේ ඩෙයිටෝන් ප්‍රදේශයක කලා හා ප්‍රාසාංගික ප්‍රදේශයක් ලෙසින් ප්‍රචලිතව පවතී. ඒ අනුව මෙම ප්‍රදේශය රාත්‍රී සමාජශාලා, සිනමාහල්, කලාගාර, සංචාරක නිකේතන විශාල ප්‍රමාණයක් පවතී. වෙඩික්කරු විසින් වීථියේ සෑම ප්‍රදේශයකටම වෙඩි ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටී.

    ප්‍රහාරකයා ද පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තාවේ.

    පැය 12ක කාලසීමාවක් තුළ අමෙරිකාවේ සිදුවූ දෙවැනි වෙඩි ප්‍රහාරය මෙයයි. ටෙක්සාස් ප්‍රාන්තයේ එල්ෆාසෝ සුපිරි සාප්පු සංකීර්ණයකට ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 17:10

    Latest News