ප්‍රචණ්ඩක්‍රියා හා පළි ගැනීම්වලින් තොරව සන්සුන්ව සිටින ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්වය සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද පැවැත්වේ.

වර්තමානයේ එල්ල වූ අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ජනපති විසින් පත් කරනු ලැබ තිබේ.

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

Latest News