කොරෝනා ආසාදිතයින් 150 දක්වා ඉහළට

අප්‍රේ 02, 2020

    තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.

    ඒ අනුව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර, සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක්.

    වෛරසය ආසාදනයවීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇත.

    Latest News