වතු නිවාස කිහිපයකට හානි

අප්‍රේ 14, 2020

    නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.

    අද (14) දින පස්වරු 4 ට පමණ නොර්වුඩ් ප්‍රදේශයට පතිත වු දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වයත් සමඟ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ ස්ථාන කිහිපයකම පිහිටි වතු නිවාස 13ක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් ඇති බවයි, නොර්වුඩ් පොලිසිය සඳහන් කරන්නේ.

    සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

    මෙම අනතුරෙන් පවුල් 13කට අයත් සමාජිකයන් 68 දෙනෙකු පමණ අවතැන්ව ඇති අතර, ඔවුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක නතර කිරිමට නොර්වුඩ් පොලිසිය සහ වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

    නිවාස වල සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News