අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ නිවේදනය

අප්‍රේ 18, 2020

    ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එසේ නියමිත දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට එම කොමිෂන් සභාවට බලයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් යුතු නිවේදනයක මේ බව සඳහන්වේ. කොරෝනා වෛරස් වසංගතයට රට මුහුණ දුන්නේ, දරුණු ආර්ථික කඩා වැටීමක් මධ්‍යයේ බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඊට ප්‍රධානතම හේතුව 2015 සිට 2019 දක්වා වූ කාලසීමාවේදී මෙරට සිදුවූ ආර්ථික අවපාලනයයි.

    මෙවැනි අවස්ථාවක පසුගිය රජය සමයේ බෙහෙත් හා පොහොර සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහා වත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි වූ බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙවැනි අවස්ථාවක අස්වැසිල්ලකට ඇත්තේ ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවන මුදල් බලතල පිළිබඳ ව්ධ්ව්ධාන පමණක් බව ඔහු පෙන්වා දෙයි. එවැනි දැඩි අවාසිකාරී අවස්ථාවක කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිදුවී ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

    පසුගිය මාර්තු 11 වැනිදා පළමු කොරෝනා රෝගියා හමුවීමත් සමග රෝගය කල් තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන් කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම, රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි රෝග පාලන ක්‍රමවේදයන් රටට හඳුන්වා දුන් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ ආකාරයෙන් මෙහෙයුමක් අප ජීවිත කාලය තුල කිසිදා අත්දැක නැති හෙයින්, රෝගය පැතිරීම වැළැක්වීමට සති ගණනක් එක දිකට ඇඳිරිනීතිය පැනවීමට සිදු විය. මෙම කාලය තුල නිවෙස්වල කාලය ගත කරන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ලබාදීමේ ක්‍රමවේදයන් ද ක්‍රියාත්මක කළේය.

    අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගනිමින් ඔවුන් සඳහා ආධාර සැපයීමද රජයක් ලෙස සාර්ථකව සිදු කර තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ගොවීන්ක්‍, ධීවරයන්රි ශක්යාතිමත්ත්ම කිරීමේ වැඩසටහන්ක ද ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ සියලු ක්‍රියාන්විතයන් කෙටි කාලයක් තුල සංවිධාන කර ගැනීමට හැකිවීම සැබවින්ම කළමණාකරණයේ ප්‍රාතිහාර්යයක් බව අග්‍රමාත්‍යවරයා නිවේදනයෙන් පෙන්වා දෙයි.

    කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගන්නා බවද මහින්ද රාජපක්‍ෂ මහතා පෙස්වා දෙයි. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලබා දුන් අද්විතීය නායකත්වය සමස්ත රටේ ජනතාවගේ ගෞරවයට ලක්ව ඇති බවද නොරහසක්.

    මේ අතරම, රටේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුළු ලෝකයේම අවධානය දිනා ගෙන ඇත්තේ, රෝගීන් වෙනුවෙන් දක්වන අසීමිත ආදරය හා කැපවීමේ හේතුවෙන් බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීමේදී මෙරට බුද්ධි අංශ පෙන්වා ඇති දක්‍ෂතාව හා කැපවීම නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්‍ෂමතාව නිසාත් රෝගය පැතිරිම පාලනය වී තිබේ.

    පොලීසිය ඇතුලු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්දන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇති බව අග්‍රමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ. අද කොරෝනා වෛරසය නිසා අනාරත්‍ෂිත වී ඇති ලෝකය තුල අපේ රට වඩාත්ම සුරක්‍ෂිත ස්ථානය බවයි මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙන්නේ. අප එවැනි තැනකට රට ඔසවා තබන්නේ ද විනාශ කරන ලද ආර්ථිකයකුත් පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින රටට ආදරයක් නැති අවස්ථාවාදී විපක්‍ෂයකුත් සමග බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. නිරෝධායනයට යාම ප්‍රතික්‍ෂේප කළ අය දිරි ගැන්වීම තුලින් විපක‍්ෂ නායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා‍ මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සහ දැරීම අතිශය කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි කියමින් සෞඛ්‍ය සේවය ඇතුලු සියලු රජයේ සේවාවන් කඩාකප්පල් කිරීමට විපක්‍ෂය දැරූ උත්සහය මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි පිළිකුලෙන් හෙලා දැක තිබේ. කොරෝනා මර්දනයට මුල සිටම බාධා කළ එම පිරිස නව පාර්ලිමේන්තුව ජුනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඉන් පෙර පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ප්‍රකාශ කිරීම අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් දැඩි ලෙසහෙලා දැක තිබේ.

    උපුටා ගැනීම...

    පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්, අලුතින් පාර්ලිමේන්තුව මුල් වරට හමුවන දිනය මැයි 14 හැටියටත් නියම කළේය. ඊට දින 10 කට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලයක් නොතිබුණි. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට, පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇති කර ගන්නා උපකල්පන මත අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසලකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගනිත්ය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්ය බාරය නීතියට අනුකූලව ඉටු කර ඉන් පසුව සාකච්ඡා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.

    උපුටා ගැනීම අවසන්.

    ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශයට පත් කොට තිබූ පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්‍ෂ සිටින ලොව එකම ප්‍රජාතන්ත්‍රවාදී රට ශ්‍රී ලංකාවයි. වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන මෙම උත්සහය ඒ අපකීර්තිමත් යටගියාවේම දිගුවක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජන ජීවිතය රටේ යළි ආරම්භ විය යුතුයි, එමෙන්ම අග්‍රාමාත්‍යවරයා සිය නිවෙදනයෙන් පෙන්වා දෙන්නේ, රටේ සමස්ත ජනතාවට වගකිවයුතු රජයක් ලෙස ක්‍රියා කරන බවයි. සෑම අවස්ථාවකම ජනතාවගේ ආරක්‍ෂාව, සුරක්‍ෂිතභාවය වෙනුවෙන් කැපවනවා සේම රට ආර්ථික හා දේශපාලන වශයෙන් ද සුරක්‍ෂිත කිරීමට ඕනෑම අභියෝගයක් යටතේ කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙන්නේ.

    Latest News