කාන්තාවන්ට රාජකාරියට පැමිණිමේදී පහසු, ගැලපෙන ඇඳුමක් (වීඩියෝ)

අප්‍රේ 23, 2020
  • රජයේ සේවකයින්ට විශේෂයෙන් කාන්තාවන්ට රාජකාරියට පැමිණිමේදී පහසු, ගැලපෙන ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන බව, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු දිනවල දින දෙකකට ගෙවූ දීමනාව වැඩි කිරීමට ද උපදෙස් ලබාදුන් බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවේදී.

    ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුව කෙතරම් පාඩු ලැබුව ද, අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව සලසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 අප්‍රේල් 2020 20:47

    Latest News