පාසල් ඇරඹීමේ ක්‍රියාවලිය සාකච්ඡාවට

මැයි 02, 2020

    පාසල් යළි ආරම්භ කිරිම සඳහා දින නියම කිරිමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ ක‍්‍රියාවලිය සකස් කිරිමට පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

    දකුණු, උතුරු මැද සහ වයඹ පළාත් අධ්‍යාපන බලධාරින් සමග මේ වන විටත් සාකච්ඡා කර ඇති බවයි, අමාත්‍යාංශ ලේකම් එම්. එච්. එම් චිත‍්‍රානන්ද මහතා පවසන්නේ.

    ඌව සහ මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරින් සමග ද ඉදිරියේදී සාකච්ඡා කිරිමටයි නියමිතයි.

    කොරෝනා වසංගතය පාලනය කිරිමෙන් පසු පාසල් ආරම්භ කිරිමට දින නියම කළ ද විශේෂ කාලසටහන් ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරිමයි සැළසුම.

    විභාග අරමුණු කර ගනිමින් 10 ශ්‍රේණියෙන් ඉහළ පන්ති සඳහා පළමු අදියරේදී පාසල් ආරම්භ කිරීමටයි අවධානය යොමුව තිබෙන්නේ.

    ඒ අනුව දැනට 13 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුන්ට ප‍්‍රමුඛතාව ලැබෙනු ඇති බවයි, අමාත්‍යාංශ ලේකම් එම්. එච්. එම් චිත‍්‍රානන්ද මහතා සදහන් කළේ.

    පාසල් ආරම්භ කිරිමට පෙර විෂබීජහරණය සහ ඩෙංගු මර්දන වැඩසටහන්ද ක‍්‍රියාත්මක කෙරෙනවා.

    ඒ සම්බන්ධයෙන්ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

    Latest News