මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගය තාවකාලිකව වැසේ

මැයි 21, 2020

    මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර මාර්ගයේ සිට කොළඹට ඇතුළුවීම සහ සහ පිටවීම තාවකාලිකව තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

    පොලීසිය සදහන් කළේ ජුම්මා මස්ජිඩ් මාර්ගයේ නිවසක් අසළ මුදල් බෙදාදීමේ සිද්ධියකදී ඇති වූ තෙරපීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

    මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 08දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

    එම මුදල් ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයා ඇතුළු 6දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News