නිකුත් කළ නායයාම් නිවේදනය තවදුරටත්

මැයි 21, 2020

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    එම ආයතනය සදහන් කළේ අද (21) පස්වරු 2.00න් පසු වර්ෂාව ඇතිවීම පිළිබදව සැලකිල්ලට ගනිමින් එම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කෙරෙන බවයි.

    මේ අතර කළුගගේ ජල මට්ටම ඉහල යාමෙන් මිල්ලකන්ද ප්‍රදේශයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අනතුරු හැගීවීම් නිකුත් කර තිබේ.

    මේ අතර දිවයිනට බලපා ඇති තදවැසි සහ ගංවතුර හේතුවෙන් ඊයේ (20) දිනය වන විට පවුල් 239කට අයත් පුද්ගලයින් 885දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

    මීට අමතරව අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් 9 කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු බලපෑමට ලක්ව ඇත.

    මොවුන් මාතලේ, මුලතිව් සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවය.

    Latest News