කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

ජූලි 05, 2020

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

    අද උදේ පානදුර උතුර පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක පාපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුවිය. එම අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. මියගිය තැනැත්තා 64 හැවිරිදි ගොරකපොල පානදුර උතුර ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.

    සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. පානදුර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on ඉරිදා, 05 ජූලි 2020 11:56

    Latest News