එම්.කේ. ශිවාජිලිංගම් අත්අඩංගුවට

ජූලි 05, 2020

    උතුරු පළාත් සභාවේ, හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් මතයි. අද උදේ වැල්වැටිතුරේ පොලිස් වසමේ අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. අත්අඩංගුවට ගනු ලැබුවේ, වැල්වැටිතුරේ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින්. වරෙන්තුකරු, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් ශිවාජිලිගම් මහතා චෝදනා ලැබ සිටී.

    Latest News