ජාතික ලැයිස්තු අර්බුදය තවදුරටත් (වීඩියෝ)

අගෝ 15, 2020
  • එක්සත් ජාතික පක්‍ෂයේ නව නායකයා තෝරා ගැනීම ඉදිරි මාස 6ක කාලය තුළ සිදු කිරීමට අද තීරණය කෙරිණ.

    ඒ සිරිකොත පක්‍ෂ කාර්යාලයේ පැවති හමුවකදී. මේ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තවමත් කිසිවෙකු පත්කර නොමැත.

    එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් අතර හමුව අද පැවැත්වුණේ සිරිකොතදී. එහිදී නව නායකත්වයක් පත්කර ගැනීම සහ පක්‍ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු බව වාර්තාවේ.

    අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන බවට මහ මැතිවරණයේදී ප්‍රචාරණ කර මේ වනවිට එය මඟහරින බව පවසමින් වීරගුල හා යක්කල පොලිස් ස්ථානවලට අද පැමිණිලි දෙකක් ලැබී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට අපේ ජනබල පක්‍ෂයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් දෙදෙනෙකු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එම පක්‍ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි හා පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට විරුද්ධවයි.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:11

    Latest News