අමරපුර මහා නිකායේ, සංඝ සභා ගොඩනැගිල්ල විවෘත කෙරේ (වීඩියෝ)

අගෝ 16, 2020
  • උගත්, බුද්ධිමත් සඟ පරපුරක් බිහිකිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දැක්වූ දායකත්වය සුවිශාල බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අමරපුර මහා නිකායේ සංඝ සභා නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ සවස එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල පිහිටුවා ඇත්තේ, අංක 70, ගාලුපාර, කොළඹ 06 ස්ථානයේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මීට වසර 217කට පෙර ආරම්භ කරනු ලැබුව ද, ඊට ස්ථිර ගොඩනැගිල්ලක් නොතිබිණ. ඒ සඳහා භූමිය පරිත්‍යාග කෙරුනේ, මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී. අමරපුර මහ නිකායේ දායක සභාවේ උප සභාපති අජිත් ද සොයිසා මහතා ගොඩනැගිල්ල ඉදිකිරීමට දායකත්වය ලබා දුන්නේය. එය විවෘත කිරීමේ උත්සවයට පැවැත්වුණේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:26

    Latest News