අර්තාපල් අස්වනු වෙළෙඳ පොළට

අගෝ 16, 2020

    යල කන්නයේ දේශීය අර්තාපල් අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර තිබේ.

    කෘෂි නිලධාරීන් පවසන්නේ, මෙවර යල කන්නයේ හෙක්ටයාර 4500කට අධික භූමි ප්‍රමාණයක අර්තාපල් අස්වනු වෙළෙඳපොළට පැමිණිමට නියමිත බවයි. දිවයිනේ වැඩි වශයෙන් අර්තාපල් අස්වනු වෙළෙඳපොළට පැමිණෙන්නේ යල කන්නයේදී. එම වගා අස්වනු නෙළීම දැන් ක්‍රියාත්මකයි. වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද ආදී ප්‍රදේශවල අර්තාපල් වගා කිරීම බහුලව සිදුවේ. එළඹෙන දෙසැම්බර් මාසය දක්වා යල කන්නයේ අර්තාපල් අස්වනු වෙළෙඳපොළට පැමිනිමට නියමිතයි.

    මේ වනවිට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110ත්, 120ත් අතර පවතින බව ගොවීන් පවසයි.

    Latest News