ඇල්ල, වැල්ලවාය අනතුරින් 3ක් මරුට (වීඩියෝ)

අගෝ 22, 2020
  • ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල 24 කණුව අසලදී සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගියේය.

    වෑන් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව තිබේ. මියගොස් ඇත්තේ, බදුල්ල විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පුද්ගලයින් තිදෙනෙක්. ඔවුන්, ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

    රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය පවසයි. වෑන් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තත්වයෙන් වැල්ලවාය සහ මොණරාගල රෝහල්වලට ඇතුලත් කෙරිණ. මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 22 අගෝස්තු 2020 20:03

    Latest News