පාස්කු ප්‍රහාරයේ වගකීම ගන්නේ නම් පූජිතට තානාපතිකමක්

සැප් 25, 2020

    පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්නේ නම් තානාපතිකමක් දෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසමේදී ප්‍රකාශ කළේය.

    එමෙන්ම තමාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්කුස උපන් සහෝදරයා පිළිබඳව තමන්ට සැකයක් පවතින බව ද හිටපු පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (24) තෙවන දිනටත් සාක්ෂි දුන් අතර එහිදී කොමිසම විමසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතා දැනුවත් නොකළේ මන්ද යන්නය.

    Latest News