ශ්‍රාවස්තිපුර අනතුරින් 2ක් මරුට

සැප් 27, 2020

    අනුරාධපුර-පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 2ක් මියයයි.

    අනතුර සිදුවූයේ අද (27) අළුයම. අනුරාධපුරයේ සිට ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනෙක් පසින් ධාවනය කළ මෝටර් රථයක මුහුණට-මුහුණ ගැටීම අනතුරට හේතුවයි. ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබේ. මෝටර් රථයේ ගමන් කළ පිරිස 4ක්. ත්‍රි රෝද රථයේ ගමන් ගත් 60 හැවිරිදි පියෙකු සහ 32 හැවිරිදි දියණියක අනතුරින් මියගොස් තිබේ.

    මෝටර් රථයේ රියදුරට නින්දයාම අනතුරට හේතුව බව පොලිසිය පවසයි.

    Latest News