තෙල් නැවේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ්

සැප් 27, 2020

    මෙරටට පැමිණි තෙල් නැවක කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔවුන් සමඟ කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද නිරෝධායනයට යොමුකර තිබේ. පසුගියදා කොළඹ වරායට පැමිණි මෙම තෙල් නෞකාවේ, යම්කිසි පරීක්‍ෂාවක් සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ගොස් තිබේ. පසුව තෙල් නැව ත්‍රිකුණාමලය වරායට ගොස් ඇති බව වාර්තාවේ.

     

    එහිදී කළ පී.සී. ආර්. පරීක්‍ෂණවලින් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනාට, කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු විය. කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉන්දීය ජාතිකයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම තෙල් නැව, කාර්ය මණ්ඩලය සමඟ මෙරටින් පිටව යාමට නියමිත බව වාර්තාවේ.

    Latest News