විශේෂ වැටලිම් වලින් සැකකරුවන් 417ක් අත්අඩංගුවට

ඔක් 01, 2020

    බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයන් 417 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    හෙරොයින්, ගංජා ඇතුළු මත්ද‍්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධවීමයි ඔවුන්ට එරෙහිව පවතින චෝදනාව වන්නේ.

    හෝමාගම පොලිස් වසමේදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පවසන්නේ.

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාලිගාවත්ත පොලිස් වසමේදී.

    Latest News