බඩ ඉරිඟු වගා කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ඔක් 04, 2020

    මහවැලි ඉඩම් හෙක්ටයාර දස දහසක බඩ ඉරිඟු වගා කිරීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ විය.

    ඒ මහවැලි එල් කලාපයට අයත් වැලිඔය, ඇතැවැටුණුවැව-නිකවැව ප්‍රදේශයේදී. මෙහිදී අක්කර තුන් දහසක බඩ ඉරිඟු වගා කිරීම සංකේතවත්ව ආරම්භ විය. ඒ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මේ මාසයේ පමණක් මහවැලි කලාපයේ අක්කර පහළොස් දහසක බඩඉරිඟු වගාකර තිබේ. මෙරට වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්‍ෂ පහක්. ඉන් දෙලක්‍ෂ පනස් දහසක් පමණ මෙරට නිෂ්පාදනය කෙරේ. ඉඩ ඉරිඟු ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 40ක්.

    Latest News