“රොහා“ ගේ සඟයින් අත්අඩංගුවට

ඔක් 04, 2020

    පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකින් මියගිය රත්මලානේ “රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී. එහිදී ටී-56 උණ්ඩ 225ක්, මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 4ක්, මිලිමිටර 8 වර්ගයේ උණ්ඩ 3ක් සොයා ගෙන තිබේ. රත්මලාන දෙවට පාරේ පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ නිවස පිහිටි භූමියේ වළදමා තිබියදීයි මෙම උණ්ඩ සොයා ගැනුනේ.

    සෙසු තිදෙනා කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. රොහා නමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ සංවිධාන කළ සාදයකට ද ඔවුන් සහභාගි වී ඇති බවට මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

    Latest News