සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඔක් 05, 2020

    දැනට රට තුළ පවතින සෞඛ්‍යමය තත්ත්වයන් හේතුවෙන් මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටී.

    නිවෙස් වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවයි, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

    වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු බවත් අත්‍යාවශ්‍ය විටෙක හැරෙන්නට නිවසින් පිටතට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බැවින් එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 17:51

    Latest News