ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් නොදමන බව විභාග කොමසාරිස් කියයි

ඔක් 05, 2020

    මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළවිභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

    විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ 05 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වෙන බවයි.

    එහෙත් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

    ඒ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික අංකය ඔස්සේ තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 17:53

    Latest News