ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට අදාළ කිසිදු කට්ටලයක් රජය මිලදී ගෙන නැහැ; රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති

නොවැ 10, 2020

    ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට අදාළ කිසිදු කට්ටලයක් රජය මිලදී ගෙන නැතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් පටිපාටිය තවමත් ක්‍රියාත්මකයි.

    දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලක්ෂය පමණක් බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

    කොවිඩ්-19 වැළඳී ඇත්දැයි සොයා බැලීමට යොදාගත හැකි ඉතා වේගවත් පරීක්ෂණයක් පිළිබඳව තොරතුරු ද අනාවරණය කෙරිණ.

    Latest News