කොවිඩ් ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක් (වීඩියෝ)

දෙසැ 17, 2020
  • කොවිඩ් ආසාදිත මවක්, ද සොයිසා කාන්තා රෝහලේදී අද (17) නිවුන් දරුවන් සිව් දෙනෙකු බිහි කළාය.

    වෛද්‍යවරු පවසන්නේ, කොවිඩ් ආසාදිත මවක සිසේරියන් සැත්කමකින් සිව් නිවුන් දරු උපතක් සිදු කළ ලොව පළමු අවස්ථාව මෙය බවයි.

    කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවක්, මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කර තිබේ. පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත කාන්තාවක බවට හඳුනාගෙන තිබිණ. දරු ප්‍රසූතිය සඳහා ද සොයිසා කාන්තා රෝහලට ඇය ඇතුළත් වූයේ පසුගිය මස 30 වැනි දිනයි.

    ඇය බිහිකළ දරුවන් අතර, ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු වේ. ඒම දරුවන් රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒ්කකයේ සහ සාමාන්‍ය දැඩි සත්කාර ඒ්කකයේ, රඳවා ඇති අතර, ඔවුන් නිරෝගී සුවයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය ප්‍රකාශ කළාය.

    සිසේරියන් සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු, සෙසු වෛද්‍යවරුන් 15 දෙනෙකු හා හෙදියන් ඇතුළු විශාල කාර්ය මණ්ඩලයක් ඒක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 දෙසැම්බර් 2020 21:51

    Latest News