ආණ්ඩුවක් පිහිටුවනවා සේම, ඉන් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක්;අගමැති (වීඩියෝ)

පෙබ 14, 2021
  • ආණ්ඩුවක් පිහිටුවනවා සේම ඉන් හැකි තරම් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තමන් පත්කරන ජනතා නියෝජිතයාගෙන් වැඩකරවා ගැනීමට ඇති අයිතිය ජනතාව භාවිත කළ යුතු බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

    බේරුවල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඒක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මීට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 14ක්. ගොඩනැගිල්ල මහල් 4කින් සමන්විතයි.


    ඊයේ පැවති උත්සවයට පියල් නිශාන්ත, ජයන්ත සමරවීර යන රාජ්‍ය අමාත්‍යවරු ද, අනූප පැස්කුවෙල්, සංජීව ඒදිරිමාන්න, මර්ජාන් ෆලීල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් පිරිසක් ද ඒක්වූහ.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 22:20

    Latest News