හිඳගල රජමහා විහාරස්ථානය සංරක්ෂණයට (වීඩියෝ)

පෙබ 14, 2021
  • යුග හතරක ‌ෙඒතිහාසික බිතු සිතුවම් දැකගත හැකි මෙරට ඒකම බෞද්ධ සිද්ධස්ථානය වන මහනුවර හිඳගල රජමහා විහාරස්ථානය සංරක්ෂණයට අදාළ කටයුතු මේ වනවිට සැලසුම් කෙරෙමින් පවතී.

    ඒ්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. ‌ෙඒතිහාසික හිඳගල විහාරය වලගම්බා රජ සමයේ ඉදිකරන ලද්දක් බව සැලකේ. ඒහි අනුරාධපුරය, මහනුවර, ගම්පොළ හා කොළඹ යුගයට අයත් බිතුසිතුවම් රැසක් දැකගත හැකියි.

    තපස්සු-බල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේට මී පැමිණි පූජා කිරීමේ අවස්ථාව දැක්වෙන මෙරට ප්‍රථම බිතුසිතුවම ද දැකිය හැක්කේ හිඳගල විහාරයේ.‌ ඒහෙත්, වසර ගණනාවකින් විහාරස්ථානය ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැති බැවින් මෙම වටිනා චිත්‍ර මේ වනවිට විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ.

    ලෙන් විහාරයට වැසි ජලය ගලා ඒ්ම වැලැක්වීම සඳහා තාවකාලික ඉටි ආවරණ යොදා ඇති අයුරු දැකගත හැක. ඇතැම් පිරිස් වනය ආශ්‍රිත විහාර භූමියට අයත් ශිලා ලිපි සහ ලෙන් රැසක් අත්පත් කරගෙන සිටින බව විහාරයේ බාරකාර පූජ්‍ය ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් පවසයි.

    පවතින ගැටලු පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ හිඳගල ලෙන් විහාර පරිශ්‍රය කඩිනමින් සංරක්ෂණය කරන ලෙසයි.

    ඒ් අනුව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් හිඳගල විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පළමුවෙන් විහාරස්ථාන භූමියේ වපසරිය සිතියම්ගත කොට ඒහි නීත්‍යානුකූල අයිතිය විහාරස්ථානයට පවරාදීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ. විහාරස්ථානය සංරක්ෂණය හා ඊට අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 22:29

    Latest News