රුපියල් මිලියන 2ක ගංජා බෝතල් 6 ක් තලංගමින් හමුවේ

පෙබ 21, 2021

    තලංගම, පැලවත්ත ප්‍රදේශයේදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර තිබූ බෝතල් 6ක් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සොයා ගත් බෝතල් 6 හි වටිනාකම රුපියල් මිලියන දෙකයි දශම පහක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙහි ග්‍රෑම් 609ක ප්‍රමාණයක් ගංජා ද්‍රාවණයක් ලෙස සකසා තිබේ.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ , ‘හෑෂ් ඔයිල්’ යන නාමයෙන් මෙම බෝතල් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි.

     

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 11:39

    Latest News