ජිනිවා නුවර ජායාරූප දැක්ම

මාර් 13, 2021

    ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් මෙහෙයුම අවශ්‍යතා සහිත බලවත් රටවල් කිහිපයක හා බෙදුම්වාදී ඩයස්පෝරා සාමාජිකයන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වන්නක් බව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කරයි.

    සිය මව් රට ඉලක්ක කරගත් අසාධාරණ මානව හිමිකම් මෙහෙයුම හා ඊට පදනම් වූ කරුණු ගැන යුරෝපා ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික ප්‍රජාව පියවර ගනිමින් සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිහිටි පරිශ්‍රයට ආසන්න ස්ථානයක විවෘත වීථි ජායාරූප දැක්මක් පැවැත්වීමට ශ්‍රී ලාංකික ප්‍රජාව පියවර ගත්තේය.

    ඉන් දැක්වෙන්නේ, කොටි ත්‍රස්තවාදයේ කෘෘරත්වය, ඉන් සියලු ජනකොටස් බේරා ගැනීමට රජය ක්‍රියා කළ ආකාරය හා වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින සැබෑ තත්වයයි. “ලන්ඩන් ඉනීෂියේටිව්“ යනුවෙන් හඳුන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව මේ ප්‍රදර්ශනය සංවිධාන කිරීමට පියවර ගත්තේය.

    ශ්‍රී ලංකාවට විරුද්ධ මතයක සිටින ස්විට්සර්ලන්තය හා අනෙකුත් ජාතිකයන්ට සැබෑ තතු අවබෝධ කරදීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අරමුණයි. ඒ සඳහා යුරෝපයේ මෙන්ම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ද එක්ව සිටියහ.

    Latest News