“ගම සමඟ පිළිසඳර“ අද (13) හික්කඩුව ගලගොඩ දී (වීඩියෝ)

මාර් 13, 2021
  • “ගම සමඟ පිළිසඳර“ වැඩසටහනේ දකුණු පළාතේ පළමුවැන්න ගාල්ල-හික්කඩුව, ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ, ජනපද කණිටු විද්‍යාලයේදී දැන් පැවැත්වේ.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ගලගොඩ-නැගෙනහිර ග්‍රාමසේවා වසම, අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝ මීටර් 7ක් දුරින් පිහිටා තිබේ.

    මෙහි වෙසෙන පවුල් සංඛ්‍යාව 1,072ක්. ධීවර, කෘෂිකර්මය, කුරුඳු සහ කොහු ලණු කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයි. සුනාමි ව්‍යසනයෙන් පසු යළි පදිංචි වූවන්ගේ ඉඩම් ගැටලුව, මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධි ජාවාරම්, පාරම්පරික කළුගල් කර්මාන්තයට පවතින බාධක මෙම ගම්මාන ආශ්‍රිත ප්‍රධාන ගැටලු ලෙස හඳුනා ගෙන තිබේ.

    පානීය ජල හිඟය, ධීවර වරාය සහ මෝය ආශ්‍රිත ගැටලු සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කාර්ය මණ්ඩල හිඟය මෙන්ම, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ද ප්‍රදේශයට බලපාන ගැටලු ලෙස සැලකේ. ගලගොඩ, ගම්මානයට පැමිණි ජනාධිපතිතුමාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 15:53

    Latest News