ලක්‍ෂ 50ක ගංජා සමග සැකකරුවකු STF අත්අඩංගුවට

මාර් 14, 2021

    බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් තණමල්විල, දේවගිරිය කන්ද ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රි කල වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අක්කර භාගයක පමන භූමි ප්‍රදේශයක උස අඩි හතකට ආසන්න උසකින් ගංජා හේන වගා කර තිබී ඇති අතර එහි ගංජා ගස් දස දහසකට වඩා තිබූ බව පොලිසිය පවසයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බව සදහන් වන අතර වැටලීමේදී ගංජා හේන වගා කල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයකි.

    සැකකරු ඉදිරි විමර්ශන සදහා තණමල්විල මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇති අතර ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇත. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News