පිලිප් ගුණවර්ධන මහතාගේ ගුණ සැමරේ

මාර් 28, 2021

    හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම, වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකු වූ දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 49 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සැමරුම් වැඩසටහන් රැසක් සංවිධාන කෙරිණ.

    කොස්ගම, බොරලුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන ස්මාරකයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් පුෂ්පෝපහාර දක්වනු ලැබීය. පිලිප් ගුණවර්ධන මහතා 1972 මාර්තු 26 වැනි දින දැයෙන් සමුගත්තේය.

    පිලිප් ගුණවර්ධන මහතාගේ 49 වැනි ගුණ සමරුව නිමිත්තෙන් තවත් සැමරුම් වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්විණ. මහා සංඝරත්නය, කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News