පුහුණුව අවසන් කළ නාවිකයන් විසිරයයි

මාර් 28, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැණුනු නාවිකයන් 377 දෙනෙකු මුලික පුහුණුව අවසන් කොට ඊයේ විසිර ගියේය.

    විසිරයාමේ පෙළපාලිය මැදවච්චිය, පූනෑව ශ්‍රී ලංකාව නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණ. ශ්‍රී ලංකා නිත්‍ය හා ‍ස්වේච්ජා නාවික හමුදාවේ 241 වැනි බඳවා ගැනීම යටතේ ඔවුන් පුහුණුව ලැබීය. විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි. විශිෂ්ටතම ආධුනික නාවිකයා ලෙස, ආර්.එන්.එම්.ඩබ්. ජයතිලක කුසලාන හිමිකර ගත්තේය.

    සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයා වූයේ, එන්.ඩබ්. දිසානායකයි. හොඳම ඉලක්කකරුට හිමි කුසලානය එම්.කේ. බස්නායක විසින් හිමිකර ගනු ලැබීය. විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින් හා සංස්කෘතිකාංගවලින් ද උත්සවය අලංකාරවත් විය.

    Latest News