පතලක සිරවී 2ක් මරුට

මාර් 28, 2021

    අවිස්සාවෙල්ල, වේරලුපිටිය ප්‍රදේශයේ මැණික් පතලක සිරවී 44 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියයයි.

    අධික වර්ෂාව හේතුවෙන් පතලට විදුලිය සැපයීම අඩාල වී ඇති අතර, පතලට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා එහි සිරවී සිට ඇත. ඔවුන්ගේ මළ සිරුරු අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

    අදාළ පතල සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    Latest News