සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලි පුද්ගලයන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අයකර ගන්නා බදු අඩු කිරීමට රජයේ අවධානය....

මාර් 31, 2021

    සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලි පුද්ගලයන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අයකර ගන්නා බදු අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    අවම බද්ධක් යටතේ නාගරික සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමෙන් වැඩි පිරිසකගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණයි. ඒ සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ජා ආරම්භ කර තිබේ. එම ක්‍ෂේත්‍රයේ ලියාපදිංචි හා ලියාපදිංචි නොවූ ආයතන අතර පවතින බදු පරතරය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරුණි.

    බදු සහන ලබාදීම මගින් දිරිමත් කිරීම හා සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ. සංචාරක ආකර්ශනීය ස්ථානවල දේශීය නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමට අපේක්‍ෂිතයි.

    Latest News