ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරු දිනය අදයි

අප්‍රේ 04, 2021

    ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරු දිනය අදයි.

    මහ සිකුරාදා දින මරණයට පත්වූ ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උත්ථානය වූයේ අද වැනි දිනකයි. උන්වහන්සේගේ උත්ථානය කිතුණු ඇදහිල්ලේ පදනමයි. මානව වර්ගයා පාපයෙන් ගැලවීමේ උත්තම චේතනාවෙන් කුරුසය මත අපමණ දුක්විඳ මරණයට පත්වීමෙන් පසු ජේසුස් වහන්සේගේ සිරුර ගුහාවක තැන්පත් කළ බව කිතුණු ඉතිහාසයේ සඳහන්.

    ඉන්පසු එළඹුණු පළමු ඉරිදා දිනයේ ඒ වෙත පැමිණි පිරිස දැක ඇත්තේ, උන් වහන්සේගේ සිරුර ගුහාවේ නැති බවයි. එහි තිබී හමුවූ බව කියන ජේසුස් වහන්සේගේ සිරුරෙන් ගැලූ රුධිරය සහිත සුදු රෙදිකඩ කිතුණුවන්ගේ පූජනීය සංකේතයක් ලෙස සැලකේ.

    යළි උත්තානය වූ ජේසුස් වහන්සේ අපෝස්තලුවරුන්ට දර්ශනය වී තිබේ. "පාස්කු යන්නෙහි අරුත එතෙරවීම යන්නයි" ගින්දර සහ ජලය ආසිරි ගැන්වීම මෙහිදී සිදු කෙරෙන ප්‍රධාන චාරිත්‍රයක්.

    Latest News